කුලි/ විරකොඩියාන මහා විද්‍යාලය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ උඩුබද්දාව අධ්‍යාපන කොට්ඨාශයට අයත් හුදකලාව පිහිටි දුෂ්කර පාසලකි.
ක්‍රි.ව. 1929 වීරකොඩියාන නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ කළුඅග්ගල සරණපාල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ ධර්ම ශාලාවේදී මෙම අධ්‍යාපනික ආයතනය ආරම්භ වි ඇත.
වර්ෂ 1933 පෙබරවාරි 8 දින ගමෙහි ප්‍රභූවරයෙකු වූ ආර්.පි. කුසල්හාමි මහත්මා විසින් පරිත්‍යාග කරන ලද ඉඩමක දිග අඩි 60 ක් සහ පළල අඩි 20 ක් වූ පොල් අතු ගොඩනැගිල්ලට මෙම පාසල ගෙන යන ලදි. එතැන් සිට මේ දක්වා එම ස්ථානයේ පාසල පවත්වාගෙන යනු ලබයි. ආර්කිකයේ සිට මේ දක්වා මෙම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවත් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම උසස් තනතුරු හොබවමින් රටට ජාතියට මහගු සේවාවක් සිදුකරමින් ආදර්ශමත් පුරවැසියන් බවට පත්වී සිටිති. දිනෙන් දින අභිවෘද්ධිය කරා පා තැබූ මෙම පාසල 1996 පෙබරවාරි 27 දින මහා විද්‍යාලයක් බවට උසස් කරන ලදී. විවිධ අඩුපාඩුකම් මධ්‍යයේ වුවත් කුලි විරකොඩියාන මහා විද්‍යාලය රටට ජාතියට සිදු කරනු ලබන සේවාට ඉතා අගය කොට සැළකිය යුත්තකි.





