වීරකොඩියාන මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක අයදුම්පත් කැඳවේ

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

ආර්.එම්.එච්.බී ආරියවංශ

කුලි/වීරකොඩියාන මහා විද්‍යාලයේ නව විදුහල්පති ලෙස මම මෙම පණිවිඩය පාසලේ නිල වෙබ් අඩවියට දැනුම් දෙමි. කුලි/වීරකොඩියාන මහා විද්‍යාලය දුෂ්කරතා  මධ්‍යයේ වුවද  දිනෙන් දින විශිෂ්‌‌ටත්වය කරා පිය නගන වයඹ පළාතේ ඇති කුඩා පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.  

අතීතයේ සිටි සියලුම විදුහල්පතිවරුන් විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කළ කැපවීම සහ විශිෂ්ට සේවය ගෞරවයෙන් සිහිපත් කරමි. අභිමානවත් ඉතිහාසයක් ඇති සෑම පාසලක්ම පාසල් සංස්කෘතිය, අනන්‍යතාවය සහ ගෞරවය ආරක්ෂා කිරීමට විවිධ ක්‍රම සහ විධි භාවිතා කරන බව මා විශ්වාස කරමි.

අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටුවන පරිදි 21 වන සියවසේ ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි වන පරිදි පුර්ණ පෞරුෂයක් සහිත දරු පිරිසක් බිහිකිරීම සඳහා පාසල පදනම් කරගත් සැළසුම් සහගත වැඩ පිළිවෙලක් පාසල තුළ ක්‍රියාත්මක කළ යුතු වේ. ලාංකීය අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකූල වෙමින් පාසල් විෂය මාලාව, විෂය සමගාමී හා විෂය බාහිර වැඩසටහන් තුළින් සමබර පෞරුෂත්වයකින් හෙබි අනාගත ලෝකය ජය ගත හැකි ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් සහිත යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම සදහා සිසු කුසලතා වර්ධනය වන පරිදි ප්‍රදේශයේ සංස්කෘතියට ගැළපෙන පරිදි පාසල සංවර්ධනය කිරීම අපගේ අරමුණයි.

නව ලොවට ගැළපෙන ආකාරයට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් දරුවන්ගේ සාධන මට්ටම මෙන්ම නිපුණතා සංවර්ධනයද ඉහළ නැංවීමට මා බලාපොරොත්තු වේ.

​පාසල පිළිබඳ නවතම ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීමට වෙබ් නිර්මාණ කණ්ඩායම ලබාදන දායකත්වය පිළිබද මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

 

 

ආර්.එම්.එච්.බී ආරියවංශ
විදුහල්පති
කුලි/වීරකොඩියාන මහා විද්‍යාලය .